රටපුරා පාරිභෝගිකයින් ලක්ෂ 08කට පමණ විදුලි සැපයුම තවදුරටත් බිඳවැටී ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා. වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළුතර, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවලටයි. රත්නපුර, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල ද විදුලිය බිඳ වැටීම් සිදුව තිබෙනවා.
විදුලිබල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවලට තවදුරටත් සුළං සහ වැසි පැවතීම නිසා විදුලි බිඳවැටීම් නිවරැදි කිරීම අසීරු වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.