Saturday, January 18, 2025

General line - 0115112241

රාත්‍රී කාලයේ ගං වතුර ඇතිවීමේ අවධානමක්




පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව රාත‍්‍රී කාලයේදී  එම ගංගා ආශ‍්‍රිතව ගංවතුර තත්වයක් ඇති විය හැකි බවයි  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි කියා සිටියේ. 

මේ අතර කුකුලේ ගඟ ජලායේ ද වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තිබෙනවා. එමෙන්ම ඉහළ කොත්මලේ ජලාශයේ ද වාන් දොරටු 04ක් විවෘත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.