පසුගිය බදාදා (29) සවස අධික සුළඟ සමග දිවයිනේ ප්‍රදේශ රැසකට ධරාණීපාත වැසි ඇදහැලීම හේතුවෙන් රාත්‍රී කාලය වනවිට තත්වය තවත් වර්ධනය වූ අතර හමාගිය සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබූ බව අධ්‍යපන අමාත්‍යවරයා වෙත තොරතුරු වාර්තා වී තිබුණා.
.
රාත්‍රී 10.00යේ සිට පළාත් සහ කලාප මට්ටමින් පාසල් පිලිබඳ තොරතුරු රැස් කිරීමට අමාත්‍යවරයා කටයුතු කල අතර ක්‍රමයෙන් මධ්‍යම රාත්රියද පසුවී ගොස් තිබූ අතර ඇතිවී තිබෙන අපදා තත්වය තුලදී බ්‍රහස්පතින්දා දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධව තීරණයක් ගැනීම අභියෝගාත්මක වූ බවයි වාර්තා වන්නේ.
එයට හේතූ වූයේ වාරඅවසාන කඩයිම් විභාගයන්ද එදින පැවැත්වීමට නියමිතව තිබීමයි.
මේ නිසා අධ්‍යාපන අමාත්‍යවරයා ආපදා කළමණාකරන දේපාර්තමේන්තුවේ නිළධාරීන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂකවරයාත්, පළාත් කිහිපයක අධ්‍යක්ෂකවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු කිහිප දෙනෙකුත් අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය ඇතුළු පාර්ශව කිහිපයක්ම සම්බන්ධ කරගනිමින් දුරකථනය හරහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කර තිබුණා. එම සංවාදය පහතින්.
ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා - "ඇමතිතුමා... ඉස්කෝල කිහිපයකටම සුළං සහ වැස්ස නිසා බලපෑම් ඇතිවෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සමහර තැන්වල විදුලි බලයත් ඇණහිටලා කියලා වාර්තා වෙලා තියෙනවා."
අමාත්‍යංශ නිලධාරියෙක් - " වාර විභාගයකුත් පැවැත්වෙන එකයි ගැටළුව."
අධ්‍යාපන අමාත්‍යවරයා - " කොහොම වුනත් අපි දරුවන්ගේ ආරක්ෂාව ගැන මූලිකත්වය දෙන්න ඕනා. මම මාධ්‍ය අංශයත් සම්බන්ධ කරගත්තේ අපි ගන්න තීරණය මිනිසුන්ගේ අතට පත්කරන්න අවශ්‍ය කටයුතු යොදන්න."
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් - " විභාග පැවැත්වෙන්නේ පළාත් මට්ටමින් නිසා විභාග සම්බන්ධ ගැටළුවක් ඇතිවන්නේ නෑ."
ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිළධාරීන්ගෙන්ද ලබාගත් තොරතුරු හා ඔවුන්ගේ නිගමයන් සමඟ පදනම්ව බ්‍රහස්පතින්දා දිනය පළාත් කිහිපයකට (බස්නාහිර, දකුණ, ඌව හා මධ්‍යම) නිවාඩු දිනයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබුණා.
ඉන් අනතුරුව මාධ්‍ය ආයතන කිහිපයකටම අමාත්‍යවරයා විසින් පුද්ගලිකවම කථා කොට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට කටයුතු සුදානම් කර තිබුණා.