Friday, September 20, 2024

General line - 0115112241

“ඇති සහ මදි“ කියන යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව




යාපනය විශ්ව විද්‍යාලයේ ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ඇතත් සැබෑ ගැටලූවට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංගික හල්වතුර ප‍්‍රකාශ කළේ සිසුන්ගේ මානසිකත්වය යහපත් මට්ටමකට ගෙන එ්මෙන් පසුව විශ්ව විද්‍යාලය විවෘත කිරීම වඩා යෝග්‍ය වන බවයි.

කෙසේ වෙතත් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් ප‍්‍රකාශ කළේ විශ්ව විද්‍යාල ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි. අගතියට පත් සිසුන්ගේ වගකීම භාර ගන්නේ කවුරුන්දැයි ඔවුන් ප‍්‍රශ්න කළා. එ් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්.