Sunday, May 19, 2024

General line - 0115112241

නුසුදුසු ආහාර අළෙවි කිරීම නිසා වැඩ වැරදුනු ව්‍යාපාරිකයන් 1500ක් කොටු වෙයි

සමන්ත කුමාර




උත්සව  සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ජනතාවට අළෙවි කිරීමට තබා තිබූ ව්‍යාපාරික ස්ථාන 1500ක් වැටලු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවයි එම අධිකාරිය සහන් කළේ.

උත්සව සමය අවසන් වනතුරු මෙම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා.

මේ අතර, රජය මගින් පසුගිය දා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට නියම කළ පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙලසැල් සොය ද වැටලිම් ක්‍රියාත්මකයි.

පාලන මිල ඉක්මවා පොල් සහ පරිප්පු අළෙවි කළ වෙළසැල් හිමියන් 650කට වැඩි පිරිසකට මේවනවිට නඩු පවරා ඇති බවද පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා.