Sunday, May 19, 2024

General line - 0115112241

උතුරු පළාතේ පාසල් ගුරුවරුන්ගේ වැරදි වැඩි වෙන්න හේතුව මේ අයලු

දිනසේන රතුගමගේ - වවුනියාව




උතුරු පළාතේ පාසල් ශිෂ්‍යාවන් ගුරුවරුන් අතින් ලිංගික අතවරයන්ට ලක් වීම වැඩි වී ඇතත් පළාතේ දේශපාලනඥයින් එවැනි පුද්ගලයින්ට දඬුවම් කිරීමට කටයුතු කිරීම වෙනුවට ඔවුන් ආරක්ෂා කරන බවට උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු චෝදනා කරනවා.

 උතුරු පළාත් සභාවේ දේශපාලනඥයින්ට මෙම චෝදනාව එල්ල කළේ මුලතිව් දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඒ. පුවනේෂ්වරන් විසින්.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ උතුරු පළාත් සභාවේ 2018 අය - වැය විවාදයට එක්වෙමින්. 

මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දැරියන් ගුරුවරුන් අතින් ලිංගික අතවරවලට ලක් විම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතත් බෝහෝ සිද්ධීන් පොලිසිය වෙත යාමට හෝ ඉඩ නොදී පවුල් මට්ටමින්  විසඳීමට දේශපාලනඥයින් මැදිහත් වන බවයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ දැනට පදිංචිව සිටිනනේ වසර 30කට වඩා වැඩි කාලයක් තැන් තැන්වල ජිවත් වු පිරිසක්.

මේ හේතුවෙන් ඔවුනොවුන් එකිනෙකා නොහඳුනන තත්ත්වයක් පැවතීම හේතුවෙන් සැකකරුවන් හඳුනා ගැනීම පවා දුෂ්කර වී ඇති බවයි පුවනේෂවරන් මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙවැනි සිද්ධීන්වලට චෝදනා ලැබූ ගුරුවරුන්ට දඬුමක් ලෙස ස්ථාන මාරුවක් ලබා දීම පමණක් සිදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.