Sunday, May 19, 2024

General line - 0115112241

හම්බන්තොට පළමු කර්මාන්තපුරයේ වැඩ කටයුතු ළඟදීම




හම්බන්තොට වරාය ආශ්‍රිත පළමු කර්මාන්තපුරයේ වැඩ කටයුතු තවත් මාස කිහිපයක් ඇතුළත ආරම්භ කරන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

දෙණියාය නව රෝහල ඉදිකිරීම සහා වෙන් කර ඇති භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම ව්‍යාපෘතිය මගින් විශාල ආදායමක් උපයා ගත හැකි අතර නව රැකියා අවස්ථා ද උදා වනවා.

දක්ෂිණ සංවවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබවද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.