Sunday, May 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් මෙන්න




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් පිරිසකට පත්වීම් පිරිනැමීම අද (16) පෙරවරුවේ සිදු කෙරුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදියි.

මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර ඇත්තේ එම්.එස්.එම් සකාවුල්ලායි. රත්නපුර දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස ඉන්දු ගුණතිලකල එම්.නිහාල් විජයානන්ද සහ උපාලි චන්ද්‍රසේන පත් කෙරුණා. මාතර දිස්ත‍්‍රික් සම සංවිධායක ලෙස අනිල් චන්ද්‍රනාත් පත්වීම් ලැබූ අතර දිගාමඩුල්ල දිස්ත‍්‍රික් සංවිධායක ලෙස පත් කෙරුණේ බන්දුල සරත් කුමාරයි.