Sunday, May 19, 2024

General line - 0115112241

ලිංගික අල්ලස්පවා ඉල්ලන ගලේවෙල රට රැකියා ජාවාරම




ව්‍යාජ ලේඛන සකසා ශ‍්‍රී ලාංකික කාන්තාවන් සංචාරක වීසා මත විදෙස් රටවල ගෘහ සේවයට යැවීමේ ජාවාරමක් ගලේවෙල ප‍්‍රදේශයෙන් හෙළි වී තිබෙනවා. මෙම ජාවාරම සිදු කළ බව කියන රැකියා නියෝජිතායතනය පොලිිසිය විසින් වටලා ඇති අතර එහි තිබී ව්‍යාජ ලෙස සැකසූ රාජ්‍ය ආයතනවල ලිපි, රබර් මුද්‍රා, විදේශ ගමන් බලපත‍්‍ර සහ කාන්තාවන්ගේ ඡායාරූප 50ක් පමණ ද සොයා ගැණුනා.

ජාවාරම සිදු කළ බව කියන පුද්ගලයා කාන්තාවන් විදේශගත කිරීම සඳහා ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ද ඉල්ලා ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ. මෙම පුද්ගලයා එම් එම් මොහොමඞ් ස්මයිල් නමැත්තෙක්.