Friday, May 3, 2024

General line - 0115112241

එක්ව තරග කළත් මැතිවරණයෙන් පසු වෙන් වෙන බව කියන පක්ෂ දෙකක්

දිනසේන රතුගමගේ




එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළත් මැතිවරණයෙන් පසුව තමන් එම සන්ධානයෙන් ඉවත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ප්ලොට් හා ටෙලෝ නායකයින් පවසනවා. ඉකුත් සමයේ දී ප්ලොට් හා ටෙලෝ සංවිධාන සහ දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ අතර ආරවුල් පැවතියා. එම ආරවුල් සමථයකට පත්කර ගත්තේ එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තාවකාලිකව බව ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධර්ථන් හා ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන් පවසනවා. 

ප්ලොට් සංවිධානය යාපනයේ කිසිදු පළාත් පාලන ආයතනයකට නාමයෝජනා ලබාදීමට කටයුතු නොකරන්නේ ද ඒ නිසා බව ධර්මලිංගම් සිද්ධර්ථන් කියා සිටියා. මීට අමරතව ටෙලෝ සංවිධානය වව්නියාව නගර සභාවට තනිව තරග කිරීමට තීරණය කර ඇතැයි සෙල්වම් අඩෙයකලනාදන් පැවසුවා.