Friday, May 3, 2024

General line - 0115112241

රත්තරන් ගන්න ගිය හිටපු LTTE සාමාජිකයා ඇතුළු පිරිසට වෙච්ච දේ

දිනසේන රතුගමගේ




එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමා ඇති බව කියන රත්තරන් තෙගයක් සොයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ඇතුළු පිරිසක් පොළොව හාරමින් ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ සිත්තිවිනයාගර් කෝවිල ආසන්නයේ මෙලෙස කැනීම් සිදු කරමින් සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයකු ඇතුළු තිදෙනකු පුදුකුඩිඉරිප්පු පොලීසිය මගින් අද (17) අත්අඩංගුවට ගත්තා.

මෙම පිරිස මෙසේ කැනීම් කොට ඇත්තේ පැරණි කොටි කඳවුරක් පැවති ස්ථානයක බවයි පොලීසිය පැවසුවේ. 

මෙහිදී එම පිරිස කැනීම් සඳහා භාවිත කළ බැකෝ යන්ත‍්‍රයක්ද සොයාගෙන ඇති අතර එම බැකෝ යන්ත‍්‍රය සොරකම් කරණ ලද එකක් බවටද අනාවරණය වී තිබෙනවා.