Friday, May 3, 2024

General line - 0115112241

පක්ෂය සමගි කිරීමට ජනපති ගත් තීරණයක් ගැන ඇමතිවරයෙක් හෙළිකරයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය සමගි කරවීමට පක්‍ෂ සභාපති ධුරයද කැප කිරිමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සුදානමින් සිටි බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ "කතා කරලා වැඩක් නෑ..ජනාධිපතිතුමා සෑම උත්සහයක්ම ගත්තා.. මම රහසක් හෙළි කරන්නම්... සමගිය වෙනුවෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම පවා කැප කරන්න ලෑස්ති වුණා.. නමුත් අනික් පාර්ශ්වයෙන් හොඳ ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ..හැබැයි කවදා හරි ඒ කට්ටිය එයාලගේ අල්මාරිවල තියෙන නිල්පාට කමිසය ඇඳගෙන එයි." යනුවෙනි.