Friday, May 3, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා කැඳවීම අද සිට - ප්‍රතික්ෂේප නොවන පරිදි නාමයෝජනා දෙන හැටිත් කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඉතිරි පළාත්පාලන ආයතන 248 සඳහා ද නාමයෝජනා කැඳවීම අද (18) ආරම්භ වනවා. එය අවසන් වන්නේ ලබන බ‍්‍රහස්පතින්දා දහවල් 12.00 ටයි.

මෙම පළාත් පාලන ආයතන 248 සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදි තිබූ කාලය ලබන බදාදා දහවල් 12.00ට අවසන් වනවා. 

මීට පෙර පළාත්පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරගැනීම ඉකුත් බ‍්‍රහස්පතින්දා දහවල් 12.00න් අවසන් වුණා. එහිදී භාරදුන් නාමයෝජනා කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වුණා.

ඉන් 6 ක්ම අයත් වුණේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණටයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර දෙකක්ද එහිදී ප‍්‍රතික්‍ෂේප වුණා. 

මෙවැනි තත්ත්වයන් හමුවේ නිවැරදි ලෙස නාමයෝජනා භාරදිමට ගතහැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශී‍්‍ර රත්නායක කරුණු පැහැදිලි කළා.

එහිදී "දින තුනහාමාරක් තියෙනවා. ඒක නිසා අවසන් දිනය දක්වා ඉන්න එපා..අවසන් මොහොතේ කඩිමුඩියේ ඇවිත් නාමයෝජනා භාරදීමෙදී ඔබ අතින් අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කල්වේලා ඇතිව සකසා නිවරැදිව නාමයෝජනා භාරදීමට කටයුතු කරන්න.." යනුවෙන් සඳහන් කෙරුණා.

නාමයෝජනා භාරදීමෙන් පසුව නිත්‍යානුකූලව සියලූ කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

නාමයෝජනා භාරගන්නා සමයේ මැතිවරණ නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.