Friday, May 3, 2024

General line - 0115112241

අද විසඳුමක් නොදුන්නොත් 'විදුලිබලේ' අඛණ්ඩ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක

තරංග රුක්ෂාන් ජයසේකර




අඛණ්ඩ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

සිය ඉල්ලීම්වලට අද (18) දිනය තුළ විසඳුමක් නොලැබුණහොත් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ගය එය බවයි ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් අවධාරණය කළේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට ඔවුන් දින 08ක සිට උපවාසයක නිරත වනවා. ඒ, පාලනාධිකාරියට පමණක් අත්තනෝමතිකව වැටුප් වැඩිකර ඇති බව පවසමින්.

ඊට අමතරව සේවකයින්ගේ වෛද්‍ය සහ ප‍්‍රසාද දීමනා කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම ද මෙම උපවාසයේ ප‍්‍රධාන අරමුණු අතර වනවා.