මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ව්භාගයට මුහුණ දෙමින් සිටි සිසුවෙකු තමා විභාගය අසමත් වේ යැයි සිතා කලකිරීමක් හේතුවෙන් සිය දිවි නසා ගෙන තිබෙනවා.
අරලගන්විල පොලිසිය පැවසුවේ ඊයේ (18) මෙම සිසුවා සියදිවි හානි කර ගෙන ඇති බවයි.
මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ පොලොන්නරුව අරලගන්විල විලයාය මහා විද්‍යාලයේ සිසුවෙකු වන අරලගන්විල ප්‍රදේශයේ පදිංචි යාපා බණ්ඩාරලාගේ ඉෂාන් දිනිත් චන්ද්‍රසිරි නමැති 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙක්.
මිය ගිය සිසුවා ඊයේ (18) දිනයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට හා විද්‍යා විෂයෙහි එක් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී තිබෙනවා.
නිවසට පැමිණි එම සිසුවා නිවසේ නවතා තිබු ත්‍රි රෝද රථයෙහි ආපසු කැකුළු වෙල වැව අසලට පැමිණ මෙසේ සිය දිවි නසා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
තම දරුවා නිවසේ නොසිටිම හේත්වෙන් ඔහුගේ පියා විසින් සොයා බලා ඇති අතර එම අවස්ථාවේදී තම දරුවා සිය දිවි නසා ගෙන ඇති අයුරු දුටු ඇති බවද පරීක්ෂණ සිදු කරන අරලගන්විල පොලිසිය පැවසුවා.
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද (19) පොළොන්නරුව හදිසි මරණ පරීක්ෂක හමුවේ සිදු කරනු ලබනවා.