Sunday, May 19, 2024

General line - 0115112241

අදත් වැසි




රටපුරා ඇතැම් ප‍්‍රදේශවල අද (22) ත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලට දවස පුරා එලෙස වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලටත් පස්වරු 2.00 න් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියා.

රටේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට, මොණරාගල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල වරින්වර සුළං ද ඇති විය හැකියි.