Monday, May 13, 2024

General line - 0115112241

දකුණු පළාතට කේරළ ගංජා ඛෙදු පුද්ගලයෙක් වැලිගම දී අත්අඩංගුවට




මාතර, වැලිගම, ගාල්ල හා රත්ගම යන ප්‍රදේශවලට කේරළ ගංජා ඛෙදා හරින ලද සැකකරුවෙකු වැලිගම තුර්කි ගම්මානය නම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

, මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය ඊයේ (22) රාත්‍රියේ  සිට එම ප්‍රදේශයේ කරන ලද විශේෂ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සොයා ගැණුනා.

ඔහු සිය යතුරුපැදියෙන් ඛෙදා හැරීමට සූදානම් කර තිබියදී  අදාළ කේරළ ගංජා තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු ධීවර ව්‍යාපරිකයෙකු ලෙස පෙනී සිටිමින් කලක සිට මෙම ජාවාරම කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

44 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

චන්දික ලියනගේ