Sunday, May 12, 2024

General line - 0115112241

කැමති පක්ෂ එක්ක පොහොට්ටුව කරන්න හදන දේ අද තීරණය වුණා




ඉදිරියේදී අලූතින් එක්වීමට කැමැත්ත පළ කර ඇති සියලූ පක්ෂ සමග සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වනවා.

අද (23) පැවති එම පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි එහි ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම රැස්වීම පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව ඒකාබද්ධ පොදුජන පෙරමුණ යන නමින් ඉදිරියේ දී කටයුතු කිරීමටයි සාකච්ඡා කර ඇත්තේ.