Sunday, May 19, 2024

General line - 0115112241

පාසල් සංවත්සර පෙලපාළියට පොලිසියෙන් බාධා




පොළොන්නරුව ගිරිතලේගම මහ විද්‍යාලයේ සිසුන් සංවිධාන කළ පා ගමනක් පොලිසිය විසින් නතර කර තිබෙනවා.

මෙය සංවිධාන කර තිබුණේ එම පාසලේ 67 වන සංවත්සරයට සමගාමීවයි.

පොලිසියෙන් එල්ල වූ බාධා කිරීම් පිළිබඳව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ආසිරි සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "කොළඹින් ආපු නියෝගයක් නිසා මේක නවත්වන්න කියලා අපිට කිව්වා..මේක දේශපාලන පෙළපාලියක් නෙමෙයි.. අපේ පාසලේ පුවරු ප්‍රදර්ශනය කරමින් අපේ පාසලේ සිසුන් කරන වැඩක්. අපිට දේශපාලනය වැඩක් නැහැ. අපි පොඩි පාසලක් නිසාද අපිට එහෙම කරන්නේ." යනුවෙන් සඳහන් කළා.

පොළොන්නරුව ගිරිතලේගම මහ විද්‍යාලයේ සිසුන් සංවිධාන කළ පා ගමන නතර කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් මැතිවරණ කොමිසමෙන් ද විමසීමක් කළා.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් එහිදී කියා සිටියේ මැතිවරණ කාල සීමාවේදී පාගමන් සංවිධාන කිරීම තහනම් බවයි. එහිදී ආගමික හෝ සාමාජීය කටයුත්තක් නොවන පෙරහැරක් හෝ පෙළපාලි යෑම තහනම් වනු ඇති බවද සඳහන් කළා.