Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමතිව උසස් කර විශ්‍රාම ගන්වන්න නිර්දේශ

හර්ෂිකා සංජීවනී




පොලිස් සේවයේ යෙදී සිටියදී දේශපාලන පලිගැනීම්වලට ලක්වූ නිලධාරියෙකු බව පැවසෙන වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර විශ‍්‍රාම ගැන්වීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ, ජාතික පොලිස් කොමිෂම විසින්.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති එම නිර්දේශයේ දැක්වෙන්නේ 2000 වසරේ අගෝස්තු මස 24 දා සිටි නැවත සේවයේ පිහිටුවා 2000 වසරේ අගෝස්තු මස 27 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තිමය තීරණයකට අදාලව මෙම නිර්දේශය ලබා දෙන බවද ජාතික පොලිස් කොමිෂමේ ලේකම්වරයා පවසනවා.