Sunday, May 19, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධිය අපි යට ගහන්නේ නෑ - අමාත්‍ය මහින්ද අමරවීර

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




ශ්‍රී ලංකා සතොසේ 380 වන ශාඛාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 24 දා පෙරවරුවේ අම්බලන්තොටදී විවෘතකරන ලදී .

පාරිභෝගික ජනතාවට අවශ්‍ය සියලු භාණ්ඩ පහසු මිල ගණන් යටතේ ලබා දීමේ අරමුණින් මෙම සතොස වෙළඳ ශාඛාව විවෘත කරන ලද අතර මෙය අම්බලන්තොට නගරයේ විවෘත කෙරුණු දෙවන ශාඛාවද  වනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ "බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් වාර්තාව මේ මස 30 වනදා ට ලැබෙන බව දන්වා තියෙනවා ඒ වගේම ජනාධිපති තුමා ඒක අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමුකරන" බවයි.

එය කිසිසේත් යට නොගසන බවද අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.

ඒ වගේම ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා එකේ ප්‍රශ්නය පසුගියදා අපිත් හිටපු ආණ්ඩුවේ තිබුන ප්‍රශ්නයක් ඒක රටේම ජනතාව දන්නා බවත් ඒ සඳහන්.

මේ බැඳුම්කර සිද්ධියට ආසන්න ප්‍රමාණයකම යම් පාඩුවක් වෙලා තියෙනවා. ඒක වංචාවක්ද කියන ඒක පිළිබඳ වෙනම සොයා බැලිය යුතු වෙනවා .

මේ රටේ ජනාධිපතිවරයා පිරිසිදු දේශපාලනඥයෙක් විදියට ගිය ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද බලන්නේ නැති විදියට ඉතිහාසයේ කවදාවත් නැති විදියට ක්‍රියාත්මක වන බව අද රටේ ජනතාවට ඒත්තු ගැන්වී ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිටියා.