Sunday, May 19, 2024

General line - 0115112241

බුද්ධිමත් රටට ආදරය කරන දේශපාලන පරපුරක් වෙනුවෙන් පුංචි ඡන්දය

අයිරංගි එදිරිසිංහ




මෙරට අනාගතය වෙනුවෙන් බුද්ධිමත් රටට ආදරය කරන පරිනත විනයක් සහිත නව දේශපාලන පරපුරක් ගොඩනැගීම මෙවර පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයෙන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කිරිමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කඩුවෙල සතිපොල භූමියේ අද (24) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මස මුල් සතියේ පත් කරන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

දූෂණයට වංචාවට සහ අක්‍රමිතාවන්ට එරෙහිව මීට පෙර කිසිඳු රජයක්  නොගත් තීන්දු තීරණ ගත් තමන්, ඉදිරියේදී ද වංචාවට දූෂණයට හා අක්‍රමිකතාවන්ට එරෙහිව දැඩිව කටයුතු කරමින් ශිෂ්ට සම්පන්න දේශපාලන පරපුරක් මෙන්ම නොකිලිටි ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වගකීම ඉටුකරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.