Sunday, May 19, 2024

General line - 0115112241

දිවුලපිටියේදී එස් ටී එෆ් නිලධාරින් සමග ගැටුණු සිද්ධියට පොලිසියට භාර වූ තිදෙනා රිමාන්ඞ්

ටෝනි කරුණනායක - ගම්පහ




දිවුලපිටිය හේන්පිටගෙදර ප‍්‍රදේශයේදී ඉකුත්දා විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමග සිදුවූ  වෙඩි හුවමාරුවට සම්බන්ධ තවත් තිදෙනෙකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

, ඔවුන් අද (24) දහවල් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් තිදෙනා කොළඹ සංවිධානාත්මක අපරාධ නිවරාණ කොට්ඨාසයට  ඊයේ (23) භාර වුණා.

ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සහන් කළේ.