Monday, May 13, 2024

General line - 0115112241

කොළඹ තදබදය අඩු කරන්න කණු මත දිවෙන පාළම් 03ක්

නිශාන් ද සිල්වා




කොළඹ නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා කණු මතින් දිවෙන පාලම් 3ක් ඉදි කරන බව මහා මාර්ග අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් ඩී. සී. දිසානායක පැවසුවේ කැළණි ගග හරහා ඉදි කෙරෙන නව පාලම ද ඉන් එක් ව්‍යාපෘතියක් බවයි.

එහි කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියා. 

ඉදිරි වසරවලදී සිදුකරන තවත් ව්‍යාපෘති සම්බන්ධයෙන් මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී. සී. දිසානායක මෙහිදී අදහස් පළ කළා.

ඒ අනුව කැළණි ගග හරහා මෙන්ම ඔරුගොඩවත්ත සිට ඉඟුරුකඩේ දක්වාත් කණු මත ඉදිකෙරෙන පාළම් සැළසුම් කර තිබෙනවා. තවද ඉඟුරුකඩේ සිට කොටුව දක්වාත් උස්වූ මාර්ගයක් ඉදිකෙරෙනු ඇති. 

මේ අතර ඔරුගොඩවත්ත සිට රාජගිරිය දක්වා කණු මත ඉදි කෙරෙන මාර්ගය අතුරුගිරිය දක්වා දීර්ඝ කිරීමට සැළසුම් කර ඇති බවද පැවසුවා.