Monday, May 13, 2024

General line - 0115112241

ධාවනය වූ යතුරුපැදිය එකවරම සිදු වූ අනතුරෙන් තරුණයා සමගම ගිනි ගනී (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් හදිසියේ අනතුරකට ලක්වීමත් සමග ඇති වූ ගින්නකින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) සවස යාපනය, අරාලි කොට්ටෙකාඩු ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි  වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසන්නේ.

එම යතුරුපැදිය තරුණයෙකු විසින් ධාවනය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ක්ෂණිකව හටගත් ගින්නෙන් අනතුරට ලක්වු 25 හැවිරිදි යතුරුපැදිකරු ගින්නට මැදිව තිබෙන අතර පිළිස්සීම් නිසා ඇති වූ තත්ත්වයකින් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.