Sunday, May 12, 2024

General line - 0115112241

ඊයේ රෑ සුඛෝපභෝගී බස් රථයක් රියදුරෙකු නොමැතිව ධාවනය වෙලා (PHOTOS)

දිනසේන රතුගමගේ




සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (24) රාත්‍රියේ රියදුරෙකු නොමැතිව ධාවනය වී තිබෙනවා.

වව්නියාව කොළඹ අතර ධාවනය වන මෙම බස් රථය වව්නියාවේදී රියදුරා නොමැතිව ධාවනය වීම හේතුවෙන් මෝටර් රථයකට හා යතුරු පැදි හතරකට අලාභ හානි සිදු කරමින් ධාවනය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ සිට මෙම බස් රථය වව්නියාවට පැමිණීමෙන් පසුව රියදුරා බස් රථය මාර්ගයේ පසෙක නවතා එන්ජිම ක්‍රියාවිරහිත නොකොට අසල වූ බැංකුවක ස්ව‍යංක්‍රීය ටේලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට ගොස් තිබෙනවා.

එහිදී බස් රථය ඉදිරියට ධාවනය වී මීටර් 70 ක් පමණ දුරක් ගොස් තිබෙනවා. එසේ ධාවනය වූ අවස්ථාවේදී අනෙකුත් වාහනවලට මෙලෙස අලාභහානි සිදුවුණා.

රියදුරෙකු නොමැතිව බස් රථයක් ධාවනය වන බව දුටු ත්‍රීරෝද රථ රියදුරෙකු බස් රථයේ දොර විවෘත කොට ඊට ඇතුළු වී බස් රථය නතර කරගෙන තිබුණා.

මේ නිසා විශාල අනතුරක් වැලකී ගොස් ඇති අතර මේ සියළු සිදුවීම් අවසන් වන තුරුම බස් රථයේ රියදුරා ඒ ගැන කිසිවක් දැනගෙන නොසිටීම විශේෂත්වයක්.

වව්නියාව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.