Monday, May 13, 2024

General line - 0115112241

බෝට්ටු රියදුරන් වර්ජනයක




මාදු ගගේ බෝට්ටු සේවකයින් බලපිටිය පාලම අසළින් ගග හරස් කර අද (25) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ, සිය දෛනික වැටුප ඉහළ නංවන ලෙස බෝට්ටු හිමිකරුවන්ට බල කරමින්.

බෝට්ටු සේවකයින් කියා සිටියේ තමන්ට එක් ගමන්වාරයක් සඳහා හිමිකරුවන් ලබා දෙන්නේ රුපියල් 200ක මුදලක් පමණක් බවයි.

ඔවුන විරෝධතාව සිදු කරන අතරතුර සංචාරකයින් රැගත් තවත් බෝට්ටු කිහිපයක් මාදු ගග හරහා යාත‍්‍රා කිරීමට සූදානමින් පසු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඒවායේ ගමන් මග හරස් කරමින් සිය විරෝධය දක්වා තිබෙනවා. මෙම විරෝධතාව සඳහා 150කට අධික පිරිසක් එක්ව සිටියා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් බෝට්ටු හිමිකරුවන්ගෙන් ද විමසීමක් කළා. ඔවුන් කියා සිටියේ බෝට්ටු සේවකයින්ට සිය ගමන් වාරයේ නතර කරන ස්ථානවලින් විශාල වශයෙන් කොමිස් මුදල් ලැබෙන බවයි. එක් අයෙකු දිනකට රුපියල් විසිපන් දහසත්, තිස්පන් දහසත් අතර මුදලක් උපයන බවයි ඔවුන් පැවසුවේ. 

කෙසේ වෙතත් බෝට්ටු හිමිකරුවන් සහ බෝට්ටු සේවකයින් අතර සාකච්ඡාවක් අද පස්වරු 2.00 පැවැත්වීමට නියමිතයි.