Monday, May 20, 2024

General line - 0115112241

කොස්ගොඩ සුජීට ඉන්ටපෝල් නිකුත් කළ රතු වරෙන්තුව (PHOTO)

වසන්ත පිවිතුරු




දැනට විදේශ ගතව සිටින විවිධ අපරාධ හා වැරදිවලට සම්බන්ධ ශ්‍රී ලාංකීකයන්ට ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ සංවිධානයන් ක්‍රියාත්මක කරන පතාල නායකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද  ජාත්‍යන්තර පොලීසයේ අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දැනට ඩුබාහි සිටින මාකඳුරේ මධුෂ සහ ද සොයිසා ජගාමුනි සුජීව හෙවත් කොස්ගොඩ සුජී යන අයට රතු වරෙන්තු නිකුත් කර ඇති අතර ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කා සහ ලඩියා අත් අඩංගුවට ගැනීමට ද සැළසුම් යොදා ඇති බවයි ජාත්‍යන්තර පොලීසිය පවසන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු සහ සාක්ෂි මෙවන විට ජාත්‍යන්තර පොලීසිය විසින් එක්රැස් කර ඇති බවද වාර්තා වනවා.

දැනටමත් කොස්ගොඩ සුජී නැමති අය සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇති ජාත්‍යන්තර පොලීසි ඔහු සම්බන්ධයෙන් තොරතුරු සිය නිල වෙබ් අඩවියේ පල කර තිබෙනවා.

වයස අවුරුදු 33 ක් වන කොස්ගොඩ සුජී නැමති අයව අත්අඩංගුවට ගැනීම සඳහා පූර්ණ සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය නිල වශයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා ඇති බවද ඉන්ටපොල් සිය නිල වෙබ් අඩවියේ පෙන්වා දුන්නා.

 

පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජී නැමති අය චෝදනාවට ලක්ව ඇති අයෙක්.