Monday, May 20, 2024

General line - 0115112241

එල් ටී ටී ඊ යේ රත්රන් සෙවූ පිරසට අත්වූ ඉරණම

මාධව කුලසූරිය -වවුනියාව




පුදුකුඩිඉරුප්පු කයිවේලි රක්ෂිත ප‍්‍රදේශයේ අනවසරයෙන් කැණීමක් සිදු කළ පුද්ගලයින් 11 දෙනෙකු පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒල ටී ටි ඊය විසින් සවා ඇති රත‍්‍තරන් සෙවීමේ අරමුණින් ඔවුන් මෙම කැණීම සිදු කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

කැණීම් උපකරණ, මෝටර් රථයක් සහ කැබ් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්ලම්පිටිය, කොටහේන, මාතර, කොට්ටාව, වැලිවේරිය, ගම්පොළ සහ යාපනය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි ප‍්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත්තේ.