Monday, May 20, 2024

General line - 0115112241

එළුවන් කා ඉතිරි වූ පුංචි ඡන්දයේ පෝස්ටර ඉවත්කිරිමේ වැඩ ඇරඹු පොලීසිය (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




පළාත් පාලන මැතිවරණය වෙණුවෙන් යාපනයේ විවිධ දේශපාලන පක්ෂ විසින් අලවන ලද පෝස්ටර් ගැලවීමේ කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.

පෝස්ටර් වලට අමතරව යාපනය පුරාම විවිධ දේශපාලන පක්ෂ විසින් බැනර් හා කටවුට් විශාල ප්‍රමාණයක් යොදා ඇති අතර ඒවා ඉවත් කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි පොලීසිය පවස්නනේ.

යාපනයේ අලවා ඇති බැනර් හා පෝස්ටර් ඉවත් කිරීම සඳහා යාපනය මහ නගර සභාවේ සහාය පොලීසිය විසින් ඉල්ලා ඇතත් නත්තල් සමය හේතුවෙන් එහි සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් නිවාඩු ලබාගෙන ඇති බව සඳහන්.

එම නිසා පොලීසියට සහාය වීම සඳහා නගර සභාවේ කම්කරුවන් ලබා දීම ඉතා අසීරු බව නගර සභාවේ ලේකම්වරයා විසින් පොලීසියට දැණුම් දී තිබෙනවා.

ඒ අනුව පොලීසිය යාපනය පුරා අලවා ඇති පෝස්ටර් ඉවත් කිරීමට පියවර ගෙන ඇති ආකාරය දැක ගැනීමට හැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

යාපනයේ අලවා ඇති පෝස්ටර් වලින් විශාල ප්‍රමාණයක් එළුවන් විසින් කා දැමීම නිසා පොලීසියට ඉවත් කිරීමට සිදුව ඇත්තේ පෝස්ටර් අඩු සංඛ්‍යාවක් පමණක් බවද වාර්තා වුණා.