Monday, May 20, 2024

General line - 0115112241

තැපැල් ඡන්දයට දින නියම වෙයි (PHOTO)

හේමන්ත කහවලගේ




පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සහා දින නියම කර තිබෙනවා.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් පැවසුවේ ජනවාරි මස 25 සහ 26 යන දිනවලදී මෙම තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි.

එහිදී මැතිවරණ රාජකාරීවල යෙදෙන නිලධාරීන් වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනවාරි මස 22වනදා ද වෙන් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය සහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඉකුත් 22වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

තැපැල් ඡන්ද නාම ලේඛන සහතික කිරීමේ කටයුතු ජනවාරි මස 8වනදා සිදු කිරීමට නියමිතයි.