Monday, May 20, 2024

General line - 0115112241

මම භාරදුන්නේ සහලින් ස්වයංපෝෂිත රටක්! එහෙත් දැන් විෂයි කන්නේ -හිටපු ජනපති කියයි




සහලින් ස්වයංපෝෂිත කර තමන් භාරදුන් රට වත්මන් ආණ්ඩුව යටතේ දිනෙන් දින පරිහාණියට ලක්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

සහල් රැගෙන නෞකා පැමිණෙන තුරු බලා සිටිමේ යුගයක් අද උදා වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

එම නෞකා පැමිණීම ප්‍රමාද වුවහොත් තෙල් පෝලීමේ සියා මෙන් සහල් පෝලීමේ සිටිමට ජනතාවට සිදුවනු බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඇතැමුන් වසවිස නොමැති රටක් නිර්මාණය කරන බව පැවසුවද දැන් පිට රටින් ගෙන්වන වස ආහාරයට ගැනීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියා.