Monday, May 20, 2024

General line - 0115112241

ලොවපුරා මෙන් ශ්‍රී ලංකාවේ ද උත්කර්ෂවත් අන්දමින් නත්තල සැමරේ




රට පුරා කිතුණු බැතිමතුන් අද (25) නත්තල සැමරුවා. සෑම දේවස්ථානයකම පාහේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. නත්තල සමරමින් විවිධ සැණකෙළි සහ සාද ද සංවිධාන කර තිබෙනවා.

මේ අතර, විදෙස් රටවල් බොහෝමයක ද මහත් උද්යෝගයෙන් නත්තල සමරන බවයි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නෙත් නිවුස් නියෝජිත මනුජය ජයවර්ධන කියා සිටියේ.

බ්‍රිතාන්‍යයේද සෑම ප්‍රධාන නගරයකම පාහේ නත්තල් සැමරුම් සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් ත්‍රස්ත බිය හේතුවෙන් එම බොහෝ නත්තල් සැමරුම් වෙනත් වසරවලට වඩා චාම් ස්වභාවයක් ගත් බවයි ලන්ඩන් නුවර නෙත් නිවුස් නියෝජිත ජනක අලහප්පෙරුම පැවසුවේ.

ලොව පුරා කිතුණු බැතිමතුන් නත්තල සමරන්නේ ෙජ්සු බිළි`දාගේ උපත සිහිපත් කරමින්.

ජේසු උපත සිදුවූ බව කියන බෙත්ලෙහෙමේද විශේෂ නත්තල් දේව මෙහෙයක් පැවැත්වුණා.

කෙසේවෙතත් වෙනදාට නත්තල් සිරියෙන් පිරෙන ජෙරුසෙලම මෙවර නත්තල් සිරියක් දක්නට නොලැබුණු බවයි විදේස් වාර්තාවල දැක්වෙන්නේ.

ජෙරුසෙලම සම්බන්ධයෙන් මේ වනවිට පවතින දේශපාලන මත ගැටුම් ඊට හේතු වී ඇතැයි ද විදෙස් වාර්තාවල දැක්වුණා.