Monday, May 20, 2024

General line - 0115112241

නත්තල් සමයේ අනතුරු 300 ඉක්මවයි

ඩිල්ෂාන් මඩවල




නත්තල් සැමරුම් සිදු කෙරෙන ඊයේ (24) සහ අද (25) දින දෙකේදී විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලැබූවන් 354 දෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් පුද්ගලයින් 162කු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි එහි හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා පැවසුවේ.

ඊයේ (24) සහ අද (25) දින දෙකේදී කොළඹ ජාතික රෝහලට තුවාල ලබා පැමිණි වැඩිම පිරිසක් වැටීම් හේතුවෙන් අනතුරට ලක් වූවන්.

එම සංඛ්‍යාව 129ක් වනවා. තවත් පුද්ලයින් 100 දෙනෙකු තුවාල ලබා තිඛෙන්නේ මාර්ග අනතුරු හේතුවෙන්. හිංසනවලට ලක්ව තුවාල ලැබූවන් 13 දෙනෙකු ද ඊයේ සහ අද දින දෙකේදී කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

ගිනි කෙළි අනතුරුවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහළට පැමිණ ඇති සංඛ්‍යාව 4 දෙනෙක්.

කෙසේවෙතත් ඉකුත් වසරේදී නත්තල් සැමරුම් අතරවාරයේ ගිනිකෙළි අනතුරුවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝ්හලට පැමිණ ඇත්තේ එක් අයෙකු පමණයි.

ඒ අනුව, ඉකුත් වසරට සාපේකෂ්ව මෙම වසරේදී ගිනි කෙළි අනතුරුවල වැඩි වීමක් දක්නට ලැබෙනවා.

නව වසරක උදාවේදීද ගිනිකෙළි අනතුරු සිදුවිමේ නැඹුරුවක් තිබෙන බවයි ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා වැඩිදුරටත් පැවසුවේ.

එවැනි අනතුරු වළක්වා ගැනීමට වඩා විමසිලිමත් වන්නැයි ඇය නැවත සිහි කැවීමක් ද කළා.

විමසිල්වන්තව කටයුතු කළහොත් මාර්ග අනතුරු ද වළක්වාගත හැකි බවයි මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළා.

මේ අතර බීමතින් රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අතිරේක මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පැවසුවා.