Monday, May 20, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 7ක මිල පහලට




ජීවන වියදම් කමිටුවේදී ගනු ලැබූ තීරණයකට අනුව මිල අඩු කිරීමට නියම වූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 7හි අඩු කළ මිල කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව, දේශිය හෝ ආනයනික නාඩු සහල් සඳහා කිලෝ ග්‍රෑම් 1කට10 රුපියල් 74ක උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

කෙසේ වෙතත් සතොස අළෙවිසැල් වලින් නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 70කට මිලදී ගත හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා. 

සම්බා සහල්වල අඩු කළ මිල වන්නේ කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 71ක්.

ලොකු ළුණු, අර්තාපල්, පරිප්පු, සැමන්, හාල්මැස්සන් සහ සීනි මිල අඩු කළ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වනවා.

ලොකු ළුණුවල අඩුකළ මිල වන්නේ කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 135ක්. අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 139කට ද පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 124කට ද මිලදී ගත හැකියි.

හාල්මැස්සන්වල අඩු කළ මිල කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 515ක්.

සීනි කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 100කට මිලදී ගත හැකි වනවා.

සියලූම සතොස අළෙවිසැල්වලින් සහ පෞද්ගලික සුපිරි වෙළඳසැල්වලින් මෙම මිලටම හෝ ඊටත් වඩා අඩුවෙන් ද අදාළ අත්‍යවශ ද්‍රව්‍ය මිලදී ගත හැකි බවයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ. 

ලබන වසරේ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද දක්වා මෙම සහනය පිරිනැමෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.