Saturday, May 18, 2024

General line - 0115112241

අදත් විශේෂ සාකච්ඡාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තවත් විශේෂ සාකච්ඡාවක් අද (28) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්.

ඊට සියළුම දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීන්වරුන් හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගි වී සිටිනවා.

මැතිවරණයට සූදානම් වන ආකාරය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇති.

මැතිවරණ නීතිරීති කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙක් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේද පැවැත්වුණා. ඒ, සියළුම දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් හා නිත්‍ය නියෝජිතයින් සමගයි.

පොලීසිය සහ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන නියෝජිතයින්ද ඊට සහභාගි වුණා. එහිදී මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා සීමා පැනවීමටයි.