Sunday, October 20, 2024

General line - 0115112241

දැඩි පියවර ගන්න හැටි කතා කරයි (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සහ ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (03) රැස් වූණා.

පෙරවරු 10.30 ට රැස්වීම ආරම්භ වුයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්.

මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගත හැකි ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බවයි එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ඉකුත් දෙසැම්බර් 9 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 24 ක් වාර්තා වී තිබෙනවා.

ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 59 ක්. මැතිවරණ පැමිණිලි 51 ක් ද වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා. ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 39 ක්.
 

--------------------------------------

මැතිවරණ පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි

(03-01-2018 05:40)

 

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්විමට නියමිතයි.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ කිහිපයකට එළැඹිමට නියමිත බවයි.

එමෙන්ම එළැඹෙන මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබදව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ගනු ඇති.