Sunday, October 20, 2024

General line - 0115112241

හෙද වර්ජනයක්

චම්ලි ඒකනායක




ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (03) උදෑසන සිට සංකේත වර්ජනයක නිරත වනවා. 

ඒ ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින්.

පසුගිය 01 වැනිදා සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා මෙම ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණා.

හෙට (04) දිනයේදී මෙම වර්ජනය සඳහා සියලු සේවකයින් එකතු වීමට නියමිත බව එක්සත් හෙද සේවා සංගමයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ශාඛාවේ සභාපති චමින්ද රොද්‍රිගෝ www.nethnews.lk වෙත පැවසුවා. සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වර්ජනයක් දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දෙන්නේ ප්‍රවාහන පහසුකම් සහිත වෛද්‍යවරුන්ට බල නොපානා පරිදි අනෙක් කාර්ය මණ්ඩලයට පමණක් මෙම ඇඟිළි සළකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මෙම සටන ඇරඹූ බවය.