Sunday, October 20, 2024

General line - 0115112241

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළි කළ නවතම වාර්තාව

හේමන්ත කහවලගේ




2017 වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රුපියල් කෝටි 990 ක් වටිනා හෙරොයින් කිලෝග‍්‍රෑම් 332 යි ග‍්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 29,690 ක්. ඉන්  36 දෙනෙකු විදේශිකයින්.  ඊට අදාළව නඩු 29,690 ක් ද පවරා තිබෙනවා. 

රුපියල් නව කෝටි අනූ අට ලක්‍ෂයක් වටිනා ගංජා කිලෝග‍්‍රෑම් 4,990 ක් ද ඉකුත් වසරේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකි වුණා. අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 51,870 ක්.

පුද්ගලයින් 29 දෙනෙකු සමග රුපියල් ලක්‍ෂ 44 කට අධික කොකේන් කිලෝග‍්‍රෑම් 220 යි ග‍්‍රෑම් 650 ක්ද ඉකුත් වසරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රුපියල් ලක්‍ෂ 7 කට අධික හෂීස් කිලෝග‍්‍රෑම් 38 යි ග‍්‍රෑම් 170 ක් ළග තබාගෙන සිටි පුද්ගලයින් 35 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියාසිිටියා.