Sunday, October 20, 2024

General line - 0115112241

සමාජයට ආදර්ශයක් දෙමින් මොහොමඩ්ට මරණ දඬුවම දෙයි

අධිකරණ වාර්තාකරු




2010 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 24 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට මරණ දණ්ඩණය නියම කිරීමට කොළඹ මහාධිකරනය අද (03) නියෝග කළා.

2010 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේ දී ඔහු මෙම වරදට හසුව තිබුණා.

මොහොමඩ් ෂියාම් නිශාම් නැමැති චුදිතයාට එරෙහිව ඇති චොදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත් වී ඇති බව කොළඹ මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මරණ දණ්ඩණය නියම කරමින් පැවසුවා.

තවද මෙම දඩුවම සමාජයට ආදර්ශයක් වන ආකාරයට ලබා දෙන බවයි විනිසුරුවරයා පැවසුවේ.