Sunday, October 20, 2024

General line - 0115112241

දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවට




දිවුලපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර ඇතුළු කණ්ඩායමක් විසින් දිවුලපිටිය උණුමුල්ල, කොටලියද්දවත්ත පදිංචිව සිටි ගාමිණී එඩ්වඩ් නමැති අය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටියදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වනු ලැබූ විමර්ශනයකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගත් බවය.

හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.