Saturday, October 19, 2024

General line - 0115112241

පොහොර නැව අද රෑ කොළඹට! සම්මුති ආණ්ඩුවේ ආයුෂ ගැනත් කතා




පොහොර මෙටි‍්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් අද (03) රාත‍්‍රියේ කොළඹ වරායට ළඟා වන බව රජය පවසනවා. එම පොහොර තොගය අද රාත‍්‍රියේම අවශ්‍ය ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ. 

රටපුරා පොහොර හිඟයක් ඇති වීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදි කරුණු පැහැදිලි කළා.

රටපුරා පවතින පොහොර හිඟය සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එහිදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දැඩි ලෙස අදහස් පළ කිරීමත් සමග එම රැස්විම උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. 
 

සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. 

ඡන්දය අවසන්වන තෙක් ඒ ගැන කතා නොකිරීමට තීරණය කර ඇතැයි දයාසිරි ජයසේකර පවසද්දී රාජිත සේනාරත්න පැවසුවේ 2020 වනතෙක් මෙය පවතින බව ජනාධිපතිවරයා පවසා ඇති බවය. ගයන්ත කරුණාතිලක පැවසුවේ 2020 තෙක් මෙම ආණ්ඩුව පවතින බව අගමැතිවරයාද පවසා ඇති බවය. 2020දී වෙන් වෙන්ව මැතිවරණයට තරග කොට එක්ව ආණ්ඩු කළ හැකිනම් එය සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.