Saturday, October 19, 2024

General line - 0115112241

"කඩිමුඩියේ පොහොර බෙදන්න කලින් හිතන්න"

සමන්ත කුමාර




ආණ්ඩුව කඩිමුඩියේ පොහොර ගෙන්වා බෙදාහැරීමට ගෙන ඇති තීරණයෙන් තවත් ගැටළු මතුවිය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

පොහොර මෙටි‍්‍රක් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනට පැමිණෙන බවත් එය විශේෂ අවසරයක් මත කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවත් සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ ප‍්‍රකාශ කළා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වා දෙන්නේ විධිමත් පරීක්ෂාවකින් තොරව පොහොර බෙදා හැරියහොත් තවත් ගැටළු ගණනාවක් මතුවිය හැකි බවයි.

ඒ පිළිබඳ වැඩි දුරටත් කරුණු දැක්වූ එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ මෙම ගෙනෙන පොහොර මෙරට පොළොවට හානි දායක නැති බවට සහතික කර ගත යුතු බවයි. මෙම පොහොර යම් හානිදායක තත්ත්වයක පැවැතියහොත් ගොවියා මෙතෙක් ආරක්ෂා කරගෙන සිටි වගාවන් විනාශ වී යනු ඇති බවද සඳහන් කළා.