Saturday, April 27, 2024

General line - 0115112241

විද්‍යා නඩුවේ නිදහස ලැබූ සැකකරුවෙක් යළිත් ඇතුළට

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




යාපනය, පුංකුඩිතිව් ප‍්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරියව සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැති සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ චෝදනාවකටයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ. එම්. එම්. රියාල් නියෝග කර ඇත්තේ.

විද්‍යා ඝාතන සිද්ධියේ පළමු විත්තිකරු වූයේ ද පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැත්තායි. අධිකරණය කළ සාක්ෂි විභාගය අනුව සැකකරු නිදහස් කිරීමටයි විද්‍යා ඝාතන නඩුව විභාගයට ගත් ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණේ.