ප්රබල පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු හා පාතාල නායකයෙකු බව කියන සුරංග ප්රදීප් නොහොත් වැල්ලේ සුරංගගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ උතුර නීතිය බලගැන්වීමේ ඒකකය කළ වැටලීමකදීයි.
රුක්ෂාන් රාජපක්ෂ නොහොත් බිල්ඩර් රංග නමැති අදාළ සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයා ගැණුනා.
සැකකරුගෙන් සිදු කළ මූලික ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මොහු අපරාධ ක්රියා රැසකට සම්බන්ධ අයෙකු බවයි.
සැකකරු අත්අඩංගුවට ගැණුනේ වැල්ලේ සුරංග නමැත්තා නීති විරෝධි ක්රියා සඳහා යොදා ගන්නා මෝදර වෙරළ සංරක්ෂිත කලාපයේ ස්ථාපිත ලෙල්ලම ආසන්නයේ රැදී සිටියදීයි.
මෙම ස්ථානය සම්බන්ධයෙන් සහ ඒ ආශ්රිතව සිදු කෙරෙන නීති විරෝධි ක්රියා සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන මගින් මීට පෙර අවස්ථා රැසකදී කරුණු අනාවරණ කළා.
දැනට මෝදර පොලිිසිය භාරයේ පසුවන බිල්ඩර් රංග නමැති සැකකරු අලුත්කඩේ අංක 04 මහේස්ත්රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමට නියමිතයි.
සුරංග ප්රදීප් නොහොත් වැල්ලේ සුරංග සම්බන්ධයෙන් බැලුම්ගල කළ අනාවරණයන් පහතින් නැරඹිය හැකියි.