Saturday, April 27, 2024

General line - 0115112241

ණය නිසා  ළිඳට පැන්න වියපත් අඹු සැමියන් (PHOTO)

රොමේෂ් මධුසංඛ / වන්නි 




යාපනයේ චාවකච්චේරි  තෙන්මරච්චි  ප්‍රදේශයේ  වයෝවෘද්ධ අඹුසැමි යුවලක් ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඔවුන්ගේ මළ සිරුරු දෙක ඊයේ (03) පස්වරුවේ  ගොඩ ගත් බව චාවකච්චේරි පොලීසිය සඳහන් කළා.

අදාල මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්  පොලීසියට පවසා ඇත්තේ මේ යුවල විසින් ලබාගත් ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිව කාලය ගෙවූ බවයි.

මේ දෙදෙනා ළිඳට පැන සියදිවි හානි කරගන්නට ඇත්තේ ඔවුන් විසින් ලබාගත් ණය මුදල් ගෙවීමට නොහැකි වීම  නිසා යැයි පොලීසිය විශ්වාස කරන  අතර ඒ පිළිබදව කට උත්තරද ලබාගෙන තිබෙනවා.