Saturday, January 18, 2025

General line - 0115112241

තැපැල් සේවකයින්ගේ තීරණාත්මක සාකච්ඡාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී (UPDATE)

සමන්ත කුමාර/ හර්ෂිකා සංජීවනී




තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබ`ද තීරණාත්මක සාකච්ඡුාවක් අද (05) පෙරවරුවේ පැවැත්වෙනවා. තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරී කමිටුවක් සමග රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

එහිදී වෘත්තීය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද තැපැල්පතිවරයා කියා සිටියා.

විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට විරෝධය පළ කරමින් ලබන 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමටයි තැපැල් වෘත්තීය සමිති මේ වනවිට තීරණය කර ඇත්තේ. 

---------------------------------------------

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

04-01-2018 14:00

තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමටයි තැපැල් වෘත්තීය සමිති. මේ වනවිට තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී තැපැල්පති රෝහණ අබේරත්න කියා සිටියේ හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී වෘත්තීය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි. 


කෙසේ වෙතත්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සිය ගැටළු සඳහා අවස්ථා කිහිපයක දී විසඳම් ඉල්ලා සිටියද නිසි ප‍්‍රතිචාර නොලැබුණු බවයි. අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණ කළේ ඒ හේතුවෙන් බවද ඔවුන් ප‍්‍රකාශ කළා.