Saturday, October 19, 2024

General line - 0115112241

SAITM අහෝසියි! රජයෙන් නිවේදනයක්




මාලඹේ සයිටම් ආයතනය අහෝසි කර නව ආයතනය පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ ඉකුත් දෙසැම්බර් 30 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අවබෝධතා ගිවිසුමට අනුව සයිටම් අහෝසි වෙමින් ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් නව ආයතන දෙකක් ආරම්භ කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ. ඒ සඳහා රජය විසින් මාර්ගෝපදේශනයක්ද ලබා දීමට නියමිතයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව මෙම අවබෝධතා ගිවිසුම නීත්‍යානුකූල ගිවිසුමක් බවට පත්වන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව නැගුණු විරෝධතාවලදී ඉදිරිපත් වූ ප‍්‍රධානතම ගැටලූ සඳහා මෙමගින් පැහැදිලි විසඳුමක් ලැබෙනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

සම්පූර්ණ ප්‍රවෘත්ති නිවේදනය පහතින් කියවන්න.