Saturday, October 19, 2024

General line - 0115112241

ඩෝසර් කළ සාම්පූර් දාගැබට නොදුරින් තවත් දාගැබ් දෙකක් සොයා ගැනේ (PHOTOS)

අමදෝරු අමරජීව




විනාශ කළ සාම්පූර් සූඩකුඩා දාගැබට නුදුරින් තවත් පෞරාණික දාගැබ් දෙකක් සොයාගෙන තිබෙනවා. එ්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරී ටී එම් සී බණ්ඩාර ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායමක් විසින්. 

එක් දාගැබක් කට්ටපරිච්චාන් ප‍්‍රදේශයට නුදුරින් පිහිටි ගනේෂ්පුරම් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. අනෙක් දාගැබ සොයාගෙන ඇත්තේ ඉලංකන්නෙයි ප‍්‍රදේශයෙන්. දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ විනාශ කළ සාම්පූර් සූඩකුඩා දාගැබ ඉදිකළ සමයේ මෙම දාගැබ්ද ඉදිකර ඇති බවටයි. 

ඉලන්කෙයි ප‍්‍රදේශයේ වැව අසල පිහිටි දාගැබේ දැනට මතුව ඇති ගඩොල්වල පිහිටීම අනුව මෙම දාගැබ් අනුරාධපුර මුල් යුගයට අයත් බවටයි අනුමාන කෙරෙන්නේ. සූඩකුඩා දාගැබට අත් වූ ඉරණම මෙම දාගැබ් දෙකට අත්වීමට පෙර ඒවා රැුක ගැනීම බලධාරීන් සතු වගකීමක් බවයි කැණීම් සිදු කරන ගවේෂකයින් පවසන්නේ.