Saturday, October 19, 2024

General line - 0115112241

පුංචි ඡන්දයේදී කාන්තාවන් පිරිසක් පරද්දන්න කියන ඇමති




සියයට විසිපහක කාන්තා නියෝජනය මැතිවරණ ක‍්‍රමයට ගෙන ආවේ දේශපානඥයින්ගේ දියණියන් හෝ භාර්යාව මන්තී‍්‍රවරියන් කිරීමට නොවන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. පළාත් පාලන මැතිවරණ සඳහා එවැනි අපේක්ෂිකාවන් ඉදිරිපත් කර ඇත්නම් ඔවුන් පරාජය කරන ලෙසයි අමාත්‍යවරයා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ.

පළාත් පාලන ආයතනයක, පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුවේ එකම පවුලේ සිටින පිරිස එක් අයෙකුට සීමා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.